නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් කුච්චවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වලගම්බා ආයතනයේ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) පරවි දූපතට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, නීතිවිරෝධී දැලක් හා පාවරල් යුගලක් අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුච්චවේලි පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.