තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත්, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) මොතුවාරම් මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගන්නා ඩිංගි යාත්‍රාවක්, හැඹිලිය දැලක් හා කිමිදුම් කටයුතු සඳහා යොදාගන්නා මුහුණු ආවරණයක් ද අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලය සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.