ඉන්දීය වෙරළ ආරක්ෂක බලකා අධ්‍යක්ෂ ජෙනරාල් ශ්‍රී ලංකා නාවික හමුදාධිපති හමුවෙයි
 

ඉන්දීය වෙරළ ආරක්ෂක බලකා අධ්‍යක්ෂ ජෙනරාල්, රාජේන්ද්‍ර සිං මහතා අද (19) නාවික හමුදා මූලස්ථානයේ චාරිකා වාරයක නිරත වූ අතර, නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මගින් එතුමා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

19 Aug 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් කයිට්ස් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා කන්චදේව සහ මණ්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන යන ආයතන වලට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඒකාබද්ධව කරන ලද වැටලීමකදී ඊයේ (18) තිරුනාල්වේලී ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

19 Aug 2016