බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ දූත පිරිසක් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක
 

මේජර් ජෙනරාල් හමිදූර් රහමන් චොව්දූරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් බංගලාදේශ, ජාතික ආරක්ෂක විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් අද (16) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය. එහිදී ඔවුන් නාවික හමුදාධිපතිතුමා සමග සුහද කථාබහක නිරතවිණි.

ඉන් අනතුරුව, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ව්‍යුහය මෙන්ම මෙහෙයුම් සූදානම පිළිබදව එම පිරිසට සවිස්තරාත්මක දේශනයක් ද ඉදිරිපත් කරන ලදී. ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 23 දෙනෙකුගෙන් සමන්විත මෙම දුත පිරිස නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔවුන් දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ පිහිටි විවිධ ආරක්ෂක හමුදා ආයතන රැසක සංචාරය කිරීමට ද නියමිතය. මේ අවස්ථාව සදහා නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් සහ ශ්‍රී ලංකා බංග්ලාදේශ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු අස්ලම් පර්වෙස් මහතා ද සහභාගි වු අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.