ගිලෙමින් තිබූ ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් 3 දෙනෙකු ගේ දිවි බේරා ගැනේ
 

ගිණිකොන නාවික විධානයට අයත්, පානම හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (15) ඔකඳ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේදී යාත්‍රාවේ බද ප්‍රදේශය කැඩීයාම හේතුවෙන් ගිලෙමින් තිබූ “නලීෂ පුතා 4” නමැති ධීවර යාත්‍රාවේ සිටි ධීවරයන් 3 දෙනෙකු බේරා ගැනීමට සමත් විය.

16 Aug 2016

ආරක්ෂක සේවා හොකී තරඟාවලියේ සමස්ථ ජය නාවික හමුදාවට
 

9 වන වරටත් පවත්වනු ලැබූ ආරක්ෂක සේවා හොකී තරඟාවලිය පසුගිය 9 වන දින සිට 12 වන දින දක්වා කොළඹ, ක්‍රීඩා අමාත්‍යංශ හොකී ක්‍රීඩා පිටියේදී පැවැත්වූ අතර, එහිදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා නාවික හමුදා පිරිමි හා කාන්තා හොකී කණ්ඩායම් ද්විත්වයම ශූරයන් බවට පත් විය.

16 Aug 2016

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ලාංකිකයින් 18 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකු ඊයේ (15) උදෑසන මඩකලපුවේ සිට නාවික සැතපුම් 40 ක් පමණ නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

16 Aug 2016