“තනි මංසලේ” සීඩී තැටිය නාවික හමුදාධිපතිතුමා හට පිළිගැන්වේ
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු ලුතිනන් කොමාණ්ඩර් මහින්ද කුරුප්පුගේ මහතා විසින් නිෂ්පාදිත “තනි මංසලේ” නමැති සීඩී පටය එළිදක්වා ඇත. එහි පළමු සීඩී තැටිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිරිනැමීම පසුගිය ජුනි 30 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. කුඩා කාලයේ සිටම කලා කටයුතුවල නිරතව සිටින ලුතිනන් කොමාණ්ඩර් කුරුප්පුගේ විසින් රචනා කොට ගායනා කරන ලද ගීත 12 ක් මෙහි ඇතුළත් කර ඇත. මෙහි සංගීත අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ ආචාර්ය රෝහණ වීරසිංහ සහ සරත් ද අල්විස් යන මහත්වරුන් විසිනි.
![](assets/images/news/event_news/2016/july/2016_07_07_b/1.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_07_b/2.jpg)
![](assets/images/news/event_news/2016/july/2016_07_07_b/3.jpg)