ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

පේදුරු තුඩුවට නැගෙනහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 2 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (5) සවස අත්අඩංගුවට ගන්නා ලදී.

05 Jul 2016