නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලි හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විඡයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (29) එරක්කන්ඩී මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 3ක් කිමිදීම සඳහා යොදා ගන්නා ඇස් ආවරණ 3 ක්, පාවරල් යුගල් 2 ක් හා නීතිවිරෝධී දැලක් (හැඹිලිය) අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කුචිචවේලි පොලිසිය මගින් ප්‍රදේශිය ධීවර පරික්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.