“විරුසර වරප්‍රසාද කාඩ්පත” බෙදාදීම අතිගරු ජනපතිතුමන් අතින් සිදුකෙරේ
 

“විරුසර වරප්‍රසාද කාඩ්පත” බෙදාදීමේ 2 වන අදියර ඊයේ (27) ‍සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හිගුරක්ගොඩ රජරට විද්‍යාලයේදී උත්සවාකාරයෙන් සිදු කෙරුණි. එම අවස්ථාවේදී ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ප්‍රතිලාභීන් 1400 දෙනෙකුට “විරුසර වරප්‍රසාද කාඩ්පත” ප්‍රදානය කරන ලදී.

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ඒජීපී කිත්සිරි මහතා, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතා, රණවිරු සේවා අධිකාරියේ සභාපතිනී අනෝමා ෆොන්සේකා මහත්මිය, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විරුසර කාඩ්පත් ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල පිරිසක් ද එම අවස්ථාවට සහභාගී විය.