නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනයේ කුඩා යාත්‍රාවන්හි මුර සංචාරයේ යෙදි සිටි නාවිකයන් පිරිසක් විසින් පෙරේදා (05) සාම්පූර් ප්‍රදේශයෙහි නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී, ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්, නීතිවිරෝධී තංගුස් දැලක් (සුරුක්කු දැලක්) කිමිදීම සඳහා යොදා ගන්නා මුහුණු ආවරණ 2 ක් හා පාවරල් යුගලක් අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සාම්පුර් පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.