නාවික හමුදාධිපති නැගෙනහිර නාවික විධානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා 4 සහ 5 දෙදින නැගෙනහිර නාවික විධානයේ නිරික්ෂණ චාරිකාවක නිරතවිය. එහිදී නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා විසින් නාවික හමුදාධිපතිතුමා පිළිගන්නා ලද අතර, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී විය.

මෙම චාරිකාවේදි නාවික හමුදාධිතුමන් විසින් ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රිලංනානෞ රන්වැලි ආයතනයේ රුක්රෝපනයක් සිදු කල අතර, ශ්‍රිලංනානෞ විජයබා හා ශ්‍රිලංනානෞ වළගම්බා ආයතනයන්හි නිරික්ෂණ චාරිකා වාරයකද නිරිත වුහ. නාවික සාගරික විද්‍යාපිඨ ශ්‍රවණාගාරයේදි නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නිලධාරින් සහ නාවිකයින් පිරිසක් අමතමින් ප්‍රකාශ කර සිටියේ ප්‍රදේශයේ සිවිල් ජනතාව සමග සම්බන්ධතාවයන් පවත්වා ගනිමින් ආරක්ෂක සහ ජාතික අරමුණු කරා ලගා වීම සඳහා නාවික හමුදා පුද්ගලයින් විසින් කරන ලද සේවයේ වැදගත්කම පිළිබඳවය. මෙහිදි මුහුදේ සහ ගොඩබිමෙහි මෙහෙයුම් සූදානම් බව පවත්වාගැනීම සහ පැවරී ඇති අනෙකුත් රාජකාරීන් ඉටු කිරීම සදහා නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ කැපවීමද ඇගයීමට ලක් කළේය.