නාවික හමුදා බේස්බොල් කණ්ඩායම පුහුණු සංචාරයක් සඳහා ජපානය බලා පිටත්ව යයි
ජපානයේ ශ්රී ලංකා බේස්බෝල් සංගමයේ ආරාධනයකට අනුව පසුගිය 18 වන දින ශ්රී ලංකා නාවික හමුදා පිරිමි බේස්බෝල් කණ්ඩායම පුහුණු සංචාරයක් සඳහා ජපානය බලා පිටත්විය. ෆුකුඔකා ප්රදේශයේදී පවත්වන ලද පුහුණු කඳවුරෙන් අනතුරුව ජපානයේ ප්රධාන පෙලේ ක්රීඩා සමාජ කීපයක් සමග තරඟ කිරීමටද එහිදී ඔවුන්ට අවස්ථාව සැළසුණි.
South Asia Gateway Terminals පුද්ගලික සමාගම මෙම සංචාරය සඳහා ප්රධාන අනුග්රාහක දායකත්වය ලබා දුන් අතර, ජපානයේ ජනප්රියතම ක්රීඩාව වශයෙන් හැදින්වෙන බේස්බෝල් ක්රීඩාව සම්බන්ධයෙන් මනා පුහුණුවක් සහ දැනුමක් ලබා ගැනීමට ජාතික ශූරයන් වන නාවික හමුදා බේස්බෝල් කණ්ඩායමට මෙහිදී අවස්ථාව උදාවිය. එමෙන්ම, ජපානයේ ශ්රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපති සූජීව විජේනායක මහතා ඇතුළු සාමාජිකයන් විසින් රුපියල් ලක්ෂ 25 කට අධික වටිනාකමකින් යුත් බේස්බෝල් ක්රීඩා උපකරණ නාවික හමුදා බේස්බෝල් කණ්ඩායම වෙත ප්රදානය කරන ලදී. ඒ අතර, ලක්ෂ 10 ක පමණ වටිනාකමකින් යුත් පන්දු විදින යන්ත්රයක් ද වීම විශේෂත්වයකි.
![](assets/images/news/event_news/2016/may/2016_05_25/1.jpg)
![](assets/images/news/event_news/2016/may/2016_05_25/2.jpg)
![](assets/images/news/event_news/2016/may/2016_05_25/3.jpg)
![](assets/images/news/event_news/2016/may/2016_05_25/4.jpg)
![](assets/images/news/event_news/2016/may/2016_05_25/5.jpg)
![](assets/images/news/event_news/2016/may/2016_05_25/6.jpg)
![](assets/images/news/event_news/2016/may/2016_05_25/7.jpg)
![](assets/images/news/event_news/2016/may/2016_05_25/8.jpg)
![](assets/images/news/event_news/2016/may/2016_05_25/9.jpg)
![](assets/images/news/event_news/2016/may/2016_05_25/10.jpg)
![](assets/images/news/event_news/2016/may/2016_05_25/11.jpg)
![](assets/images/news/event_news/2016/may/2016_05_25/12.jpg)
![](assets/images/news/event_news/2016/may/2016_05_25/13.jpg)
![](assets/images/news/event_news/2016/may/2016_05_25/14.jpg)
![](assets/images/news/event_news/2016/may/2016_05_25/15.jpg)
![](assets/images/news/event_news/2016/may/2016_05_25/16.jpg)