15 වන ආරක්ෂක සේවා ආසියානු ප්‍රදර්ශනය සහ සාමය සඳහා වූ ආරක්ෂක හා ආරක්ෂාව පිළිබද සමුළුවට නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් දෙදෙනෙක් සහභාගී වෙයි

2016 අප්‍රේල් මස 21 වන දින මැලේසියාවේ ක්වාලා-ලාම්පූර් හි පැවැත්වූ 15 වන ආරක්ෂක සේවා ආසියානු ප්‍රදර්ශනය සහ සාමය සඳහා වූ ආරක්ෂක හා ආරක්ෂාව පිළිබද සමුළුව සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය ගරු දාටෝ සෙරි මොහොමඩ් නජිබ් බීන් අබ්දුල් රසාක් මහතාගේ ආරාධනාවකට අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා සහ කොමාණ්ඩර් චතුර ගමගේ මහතා සහභාගී විය.

එහිදී ඔවුන් ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සහ දෙරටේ ආරක්ෂාවට අදාල වන කරුණු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක නිරත වු අතර එම අවස්ථාව සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා, ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද ඒ සඳහා සහභාගී විය. සංචාරය අතරතුර රියර් අද්මිරාල් සින්නයියා මහතා මැලේසියානු නාවික හමුදාවේ නියෝජ්‍ය නාවික ප්‍රධානී වයිස් අද්මිරාල් අහමඩ් කමරුල්සමාන් මහතාද හමුවිය. එහිදී මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.