ශ්‍රී ලංකා නාවික හමුදාව "බ්ලූ රිජ්" නෞකාවේ නැව් මුළුව අතර සුහද ක්‍රීඩා තරඟාවලි කීපයක් පවත්වයි
 

පසුගිය 26 වන දින සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඇමරිකානු නාවික හමුදාවේ "බ්ලූ රිජ්" යුද නෞකාවේ නැව් මුළුව දෙරට අතර සුහදත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ක්‍රීඩා තරඟාවලි රැසකට සහභාගී විය.

28 Mar 2016

අතිගරු ජනාධිපතිතුමන් “බ්ලූ රිජ්” නෞකාවේ සංචාරයක
 
 

අතිගරු ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) කොළඹ වරායට පැමිණි ඇමරිකානු නාවික හමුදාවේ 7 වන නෞකා දියත් විධානයේ ධජ නෞකාව වන "බ්ලූ රිජ්" යුද නෞකාවේ සංචාරයක නිරත විය.

28 Mar 2016

නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදී සිටි ලාංකික ධීවරයින් තිස්තුන්දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 
 

උතුරු මැද විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (27) අන්තෝනිපුරම් මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් 33 දෙනෙකු මුහුදු කූඩැල්ලන් 1500 ක පමණ ප්‍රමාණයක්, කුඩා ඔරු 3 ක් සහ ඩිංගි යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගන්නා ලදී.

28 Mar 2016

නාවික හමුදාව වෙනුවෙන් ඉදිවන නෞකාවන් නිරීක්ෂණය සඳහා ශ්‍රී ලාංකික ආරක්ෂක නියෝජිතයින් ඉන්දියාවේ ගෝව නැව් තඨාකාංගණයේ නිරීක්ෂණ චාරිකාවක

ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත "2016 ආරක්ෂක ප්‍රදර්ශණයට" (Defence Expo 2016) සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජයවර්ධන මහතා, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ ගෝව නැව් තඨාකාංගණයේ ඉදිවන ගැඹුරු මුහුදු ප්‍රදේශ නිරීක්ෂණය කිරීමේ අධි තාක්ෂණික නෞකාවන් හි ඉදිකිරීම් ප්‍රගතිය නිරීක්ෂණය සඳහා මාර්තු මස 27 වන දින චාරිකාවක නිරත විය.

28 Mar 2016