එලුවතිව් දූපතට විදුලිය දෙන්න නාවික හමුදාවේ සහාය
 

එලුවතිව් දූපතට විදුලිය ලබාදීම සඳහා විදුලි ආම්පන්න ප්‍රවාහනය කර දෙන මෙන් ලංකා විදුලි බලමණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම මත ඒ සඳහා නාවික හමුදාව සහාය විය. ඒ අනුව කයිට්ස් හි කරප්පන් ජැටියේ සිට එලුවතිව් දූපත දක්වා කොන්ක්‍රීට් විදුලි කණු 125ක් හා දොඹකරයක් ප්‍රවාහනය සඳහා උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයෝ සහාය විය. ඒ සඳහා පෙබරවාරි මස 24 වන දින සිට දින තුනක කාලයක් ගත විණි.

උතුරේ දූපත්වාසී ජනතාවගේ පොදු පහසුකම් ඉහළ නැංවීම සඳහා නිරන්තර දායකත්වය දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙම සහයෝගීත්වය, ඉතා කෙටි කලකින්ම ඔවුන්ගේ විදුලි බල සැපයුම් අවශ්‍යතාවයන් සපුරාගන්නට මහෝපකාරී වනු ඇත.