නාවික හමුදාව ගෝමරංකඩවල රංගිරි උල්පත් විහාරයේ ප්‍රති ආශ්‍රැත ජල පද්ධතියක් ස්ථාපනය කරයි
 
 

ශ්‍රී ලංකා නාවික හමුදා ප්‍රජා සත්කාරක වැඩසටහන යටතේ ගෝමරංකඩවල රංගිරි උල්පත් විහාරයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පද්ධතිය ඊයේ (26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි. මෙම අවස්ථාවට රංගිරි උල්පත් විහාරයේ විහාරාධිපති හිමියන්, නැගෙනහිර නාවික විධාන ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා, නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද සහභාගී විය.

මෙම ප්‍රති ආශ්‍රැත ජල පද්ධතිය නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් සැළසුම් කොට නිර්මාණය කර ඇත. ප්‍රදේශවාසී ජනතාවට දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම යන්ත්‍රය මගින් දිනකට ජලය ලීටර් 10,000 ක් පමණ පිරිසිදු කළ හැකි වේ. වකුගඩු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවන එම ප්‍රදේශයේ දිගුකාලීන අවශ්‍යතාවයක් සපුරාලනු ලබන මෙම ප්‍රති ආශ්‍රැත ජල පද්ධතිය, පානීය ජලය පිළිබඳ මහත් අවධානයකින් පසුවන ප්‍රදේශයේ ජනතාවට මහත් අස්වැසිල්ලක් වනු ඇත.