151 වන ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ නව ආඥාපති නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

151 වන ඒකාබද්ධ කාර්යය සාධක බලකායේ නව ආඥාපති වශයෙන් පත්වීම් ලද පාකිස්තානු නාවික හමුදාවේ කොමදෝරු ශාහිඩ් ඉල්යාස් මහතා අද (28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

28 Jan 2016

නාවික හමුදාධිපතිතුමන් දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදකියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා, අද (28) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

28 Jan 2016

හදිසි වෛද්‍ය ප්‍රථිකාර සඳහා හෘද රෝගියෙකු ගොඩබිම වෙත ගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ සහ සාගර ප්‍රදේශයේ සාගරික මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවත්වාගෙන යාමේ නිසි බලධාරියා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාව කුවේට් සිට සංගප්පූරුව දක්වා ගමන් කරමින් තිබූ වීනස් ආර් නෞකාවේදී හෘදයාබාධයකට ලක්වූ කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකු කඩිනමින් ගොඩබිම වෙත රැගෙන ඒමට සමත්විය.

28 Jan 2016