නාවික හමුදාධිපති නයිජීරියානු මහකොමසාරිස්තුමන් හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (30) කොළඹ, නයිජීරියානු මහකොමසාරිස් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නයිජීරියානු මහකොමසාරිස් අතිගරු එස්.යූ. අහමඩ් මහතා හමුවිය.

එහිදී නාවික හමුදාධිපතිතුමන් ද්විපාර්ශ්වීයව වැදගත් වන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මහකොමසාරිස් තුමන් හා සුහද කතා බහක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් මහකොමසාරිස් තුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.