නීතිවිරෝධී ධීවර කටයුතු වල යෙදී සිටි ශ්‍රී ලාංකික ධීවරයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ත්‍රිකුණාමලය එලිසබෙත් දූපතට නිරිත දෙසින් වූ මුහුදු සීමාවේදී නීති විරෝධී ධීවර දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 16 දෙනෙකු, ඩිංගි යාත්‍රා දෙකක් සහ නීතිවිරෝධී දැල් දෙකක් සමඟ අත්අඩංගුවට ගැනීමට ඊයේ (26) නාවික හමුදාව සමත් විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමළය වරාය පොලිසිය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

මුහුදේදී සිදුවන නීති විරෝධී ක්‍රියා වැලැක්වීම සඳහා නාවික හමුදාව නිරතුරුවම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට මෙන්ම ශ්‍රී ලංකා පොලීසියටද සිය සහයෝගය ලබා දීමට කටයුතු කරයි.