ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල යෙදී සිටි ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහය වේ

පේදුරුතුඩුවට ඊසාන දිගින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 02ක් ඊයේ (21) සවස ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් අතර, ඒ සඳහා නාවික හමුදාව සහය විය.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රා කන්කසන්තුරය වරාය වෙත රැගෙන ඒමෙන් පසු ඉදිරි කටයුතු සඳහා කන්කසන්තුරය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදීමට නියමිතය.