මුහුදු කූඩැල්ලෝ කිලෝ 932ක් නාවික හමුදාව අත්අඩංගුවට ගනී

වයඹ නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් විසින් කල්පිටිය කීරිමුන්දලම වෙරළ තීරයේදී මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 932ක් සමග සැකකටයුතු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඊයේ (15) සමත්විය.  

එහිදී ප්‍රවාහනය සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා දෙකක් සහ කුඩා ලොරි රථයක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවටගත් පුද්ගලයින්, ඩිංග්‍ර යාත්‍රා, ලොරි රථය සහ මුහුදු කූඩැල්ලන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.