නව නාවික හමුදාපති ගුවන් හමුදාපති හමුවෙයි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ගුවන් හමුදා මූලස්ථානයේදී අද දින (ජූලි 22) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවූ අතර, එහිදී ගුවන් හමුදා සම්මාන ආචාරයකින් නාවික හමුදාපතිතුමන් පිළිගන්නා ලදී. නාවික හමුදාධිපතිතුමන් ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ගුවන් හමුදාපතිතුමන් නිල වශයෙන් හමුවූ පළමු අවස්ථාව මෙයයි.
ගුවන් හමුදා අධ්යක්ෂ මණ්ඩලය හඳුන්වාදීමෙන් අනතුරුව, නාවික හමුදාපතිතුමන් හා ගුවන් හමුදාපතිතුමන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් සුහද පිළිසඳරක නිරත විය. එහිදී ගුවන් හමුදාපතිතුමන්, නව පත්වීම පිළිබඳ නාවික හමුදාපතිතුමන් හට සිය සුභපැතුම් ද එක් කර සිටියේය.
මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.








