නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ‍රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 670 ක් සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සෙරක්කුලිය වෙරළ තීරයේ 2021 මාර්තු 06 වන දින සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 670 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 Mar 2021

නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 2217 ක තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2021 මාර්තු 04 සහ අද අළුයම (2021 මාර්තු 05) සිලාවතුර, මනල්කුලම් සහ නොරොච්චෝලේ, පුලච්චේන යන ප්‍රදේශයන්හි සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලදැයි සැක කෙරෙන වියලි කහ කිලෝග්‍රෑම් 2217 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 07ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

05 Mar 2021

රුපියල් මිලියන 06 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 04ක් තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 මිලිග්‍රෑම් 21 ක් සමඟ සැකකරුවන් 04 ක් 2021 මාර්තු 03 වන දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

04 Mar 2021

කේරළ ගංජා කිලෝ 18 කට අධික ප්‍රමාණයක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ 2021 මාර්තු 01 වන දින සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් කිලෝග්‍රෑම් 18 කට අධික කේරළ ගංජා ප්‍රමාණයක් නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

02 Mar 2021