රුපියල් මිලියන 79කට අධික විථී වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 04ක් තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් තලෙයිමන්නාම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ 2021 සැප්තැම්බර් 14 වන දින මධ්‍යම රාත්‍රීයේ දී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 914ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 04ක් සහ ඩීංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් 2021 සැප්තැම්බර් මස 14 වන දින මධ්‍යම රාත්‍රීයේ තලෙයිමන්නාම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම වෙරළට පැමිණෙමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී එම සැකකටයුතු යාත්‍රාව තුළ තිබී නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ පාර්සල් 10ක අසුරා තිබු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 914ක පමණ තොගයක් සමඟ සැකකරුවන් හතරක් (04)ක් එම ඩිංගි යාත්‍රාව නාවික හමුදා භාරයට ගන්නා ලදී.

තවද, මෙලෙස අත්අඩංගුවටගත් අයිස් මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 79කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකුලව සිදු කළ මෙ‍ම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 28ත් 37ත් අතර වයසේ පසුවන තලෙයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, අයිස් මත්ද්‍රව්‍ය තොගය, ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දෙන ලදී.