රුපියල් මිලියන 3100කට අධික වටිනාකමින් යුත් තවත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය හා අනෙකුත් බුද්ධි අංශ සමඟ එක්ව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ඡාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමකින් අත්අඩංගුවට ගන්නා ලද දළ වීථි වටිනාකම රුපියල් මිලියන 3100කට අධික හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 336කට අධික තොගයක් (ඇසුරුම් බර සහිතව) රැගත් විදේශීය ධීවර යාත්‍රාවක් සහ විදේශීය ජාතික සැකකරුවන් 07දෙනෙකු අද (2021 සැප්තැම්බර් 04) උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, එලෙස රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීමට ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී විය.

04 Sep 2021