නීති විරෝධි ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකරුවකු නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2021 අගෝස්තු මස 07 වන දින ත්‍රිකුණාමලය මූතූර් ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවකු නාවික හමුදා භාරයට ගන්නා ලදි.

08 Aug 2021

නීති විරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 5300කට අධික තොගයක් නීතියේ රැහැනට

හලාවත තුඩුවට ඔබ්බෙන් වූ මුහුදේදී නීති විරෝධී ලෙස අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ වියලි කහ කිලෝග්‍රෑම් 5300කට අධික තොගයක් සහිත ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවක් 2021 අගෝස්තු 07 වන දින ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

08 Aug 2021