ශ්රී ලංකා නාවික හමුදාව යාපනය කෝවිලම් ප්රදේශයට උතුරින් වූ මුහුදු ප්රදේශයේ අද (2021 ජූලි 06) අළුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් කේරළ ගංජා කිලෝ 98යි ග්රෑම් 500ක පමණ ප්රමාණයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
06 Jul 2021