රුපියල් මිලියන 14 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට යන සිරස්තලය යටතේ 2021 මැයි 31 වන දින 0835 පැයට නිකුත් කළ පුවත හා සබැ‍ඳේ

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව කොට්ටඩි වෙරළ ප්‍රදේශයේ 2021 මැයි 30 දින සිදු කළ විශේෂ රාත්‍රී පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 48 ග්‍රෑම් 900ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගත් අතර, එම ප්‍රදේශයේ අද (2021 මැයි 31) සිදු කළ වැඩි දුර පරීක්‍ෂාවේදී තවත් කේරළ ගංජා කිලෝ 31 ග්‍රෑම් 835ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

31 May 2021

අක්‍රිය වූ ඉඟිනිමිටිය ජලාශයේ වාන් දොරටු යථාතත්ත්වයට පත් කිරීමේ මෙහෙයුමක්

පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉඟිනිමිටිය ජලාශයේ අක්‍රියව තිබූ වාන් දොරටු හතරක් (04) නාවික හමුදා දායකත්වයෙන් 2021 මැයි මස 28 වන දින යළි යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කෙරිණි.

31 May 2021

රුපියල් මිලියන 14 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පේදුරුතුඩුව කොට්ටඩි වෙරළ ප්‍රදේශයේ 2021 මැයි 30 දින සිදු කළ විශේෂ රාත්‍රී පාමුර සංචාරයකදී ඩිංගි යාත්‍රාවක් තුල සගවා තිබු කේරළ ගංජා කිලෝ 48 ග්‍රෑම් 900ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

31 May 2021