නාවික හමුදාධිපති MV X-PRESS PEARL නෞකාවේ ඇති වූ ගිනි ගැනීම හේතුවෙන් බලපෑමට ලක් වූ වෙරළ තීරය නිරීක්‍ෂණය කරයි

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි ඇති වූ ගින්න මේ වන විට අඩු වෙමින් පවතී. අද (2021 මැයි 27) උදෑසන වනවිට නෞකාව මතින් දැඩි දුමාරයක් සහ අඩු ගිනි දළු ප්‍රමාණයක් නිරීක්‍ෂණය වන අතර, එම නෞකාවෙන් මුහුදට වැටෙන බහාලුම් ඇතුළු විවිධ සුන්බුන් කොටස් වෙරළ තීරයට පාවි ඒම හේතුවෙන් වෙරළ තීරයට සිදුවන බලපෑම අවම කිරීම සහ එම ද්‍රව්‍යන්ගේ අඩංගුවිය හැකි විෂ රසායනික සංයෝග ස්පර්ෂ වීමෙන් ජනතාවට සිදුවිය හැකි අනතුරු වැළැක්වීම සඳහා නාවික හමුදාව සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය සමඟ එක්ව විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලදී.

27 May 2021

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අක්‍රීය වූ පාලම් පාරුව නාවික හමුදාව යලි පණ ගන්වයි

පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොටසක් මුහුදේ ගිලී අක්‍රීය තත්ත්වයට පත්ව තිබූ යාපනය පුංගුඩුතිව් දූපතේ කුරිකට්ටුවාන් ජැටියේ සිට නයනතිව් දූපත දක්වා භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් යොදා ගනු ලබන පාලම් පාරුව (Ferry) නාවික හමුදාවේ දායකත්වයෙන් අලුත්වැඩියා කර අද (2021 මැයි 27) යලි පණගැන්වීමට කටයුතු කෙරිණි.

27 May 2021