කේරළ ගංජා සමඟ සැකකරුවකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ 2021 මැයි මස 21 වන දින සිදු කළ විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 790 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවකු නීතියේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

22 May 2021

නාවික හමුදාවෙන් පාලම් තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරිමේ තවත් මෙහෙයුමක්

ගිං ග‍ඟ හරහා ඇති වක්වැල්ල සහ අගලිය පාලම් තුළ සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ තවත් මෙහෙයුමක් නාවික හමුදාව විසින් 2021 මැයි මස 21 වන දින ක්‍රියාත්මක කෙරිණි.

22 May 2021

කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇති බහාලුම් ප්‍රවාහන නෞකාවක ගින්නක් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදා සහාය යන සිරස්තලය යටතේ 2021 මැයි මස 21 වන දින නිකුත් කළ පුවත හා සබැ‍ඳේ

කොළඹ වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබූ MV X-PRESS PEARL නැමති බාහාලුම් ප්‍රවාහන නෞකාවෙහි 2021 මැයි 20 වන දින ඇති වු ගින්න අද (2021 මැයි 22) වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය එක්ව මේ වන විට පාලනය කරමින් සිටියි.

22 May 2021