අනවසරයෙන් මෙරට මුහුදු සීමාව තුළ ධීවර කර්මාන්තයේ යෙදුනු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් සමඟ ඉන්දීය ජාතිකයින් 04 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (2020 දෙසැම්බර් 20) උතුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ජාතිකයින් සිව් දෙනෙක් (04) සමඟ‍‍ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක් (01) සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

20 Dec 2020

නාවික හමුදා සහයෙන් වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවකු නීතියේ රැහැනට

නාවික හමුදාව හා පොලීසිය එක්ව ගලේවෙල බුලනවැව ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් 2020 දෙසැම්බර් මස 19 වන දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

20 Dec 2020