නාවික හමුදා මෙහෙයුම් මගින් නීති විරෝධී ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 නොවැම්බර් 12 වන දින සිට දෙසැම්බර් 13 වන දින දක්වා දිවයිනේ මුහුදු ප්‍රදේශ කිහිපයක් ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 54 ක් සහ ධීවර ආම්පන්න නීති‍යේ රැහැනට හසු කර දීමට කටයුතු කෙරිණි.

14 Dec 2020

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ තවත් වියලි කහ කිලෝ 3538කට අධික තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව පසුගිය සති කිහිපය තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින්, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 3538 කට අධික තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් තිදෙනෙක් (03) ඇතුළු පුද්ගලයින් හත් දෙනෙක් (07) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

14 Dec 2020