නාවික හමුදාව 2020 ඔක්තෝබර් 02 වන දින මන්නාරම තාල්පාඩු වෙරළ තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් තිබූ කහ කිලෝග්රෑම් 902 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
03 Oct 2020