ශ්‍රී ලංකාවේ චීන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි මහතා අද (සැප්තැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

08 Sep 2017

ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලුතිනන් කර්නල් ඩග්ලස් සී හීස් මහතා අද (සැප්තැම්බර් 08) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමුවිය.

08 Sep 2017

නික්ම යාමට නියමිත ශ්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කර සිය රාජකාරී කාල සීමාව අවසන් වී ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත කොමදෝරු, ශාහ් අස්ලාම් පර්වේස් මහතා අද දින (සැප්තැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

07 Sep 2017

ඉන්දියානු රජයෙන් ශ්‍රී ලංකාව වෙත තවත් නෞකාවක්
 

ඉන්දියානු වෙරළාරක්ෂක බලකායට අයත්ව පැවති, ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත නිල වශයෙන් භාර ගැනීම ඊයේ (2017 සැප්තැම්බර් 05) ඉන්දියාවේ කොචින් වරායේදී උත්සවාකාරයෙන් සිදු විය. එය CG 60 වශයෙන් නම් කොට ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායට එක් වීමට නියමිතය.

06 Sep 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානයට අනුයුක්ත වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නාවිකයින් පිරිසක් සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එක්ව ඊයේ (සැප්තැම්බර් 04) සිදු කළ වැටලීමක දී මීගමුව මාළු වෙළඳසැලේ විකිනීම සඳහා සූදානම් කර තිබූ කස මෝරුන් (Thresher Shark) කිලෝග්‍රෑම් 272 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

05 Sep 2017

කේරළ ගංජා සමග පුද්ගලයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට
 

නාවික හමුදාව වෙත ලැබුණු බුද්ධි තොරතුරු මත ස්ථාන දෙකකදී කේරළ ගංජා සමග පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

05 Sep 2017

ජපාන ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අට්සුහිරෝ මොරොරෙ මහතා සැප්තැම්බර් 04 වන දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

04 Sep 2017

නාවික හමුදාධිපතිතුමන් ගරු කතානායකතුමා හමුවෙයි
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා අද (සැප්තැම්බර් 04) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ගරු, කරූ ජයසූරිය මහතා හමු විය.

04 Sep 2017

ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය - SLINEX 2017 සඳහා සයුර සහ සාගර නෞකාවන් පිටත්වේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වසර දෙකකට වරක් පැවැත්වෙන ඉන්දු-ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය (Sri Lanka India Naval Exercise - SLINEX 2017) සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුර සහ සාගර යන නෞකාවන් අද (සැප්තැම්බර් 04) ත්‍රිකුණාමල වරායෙන් ඉන්දියාව බලා පිටත් විය.

04 Sep 2017

කොරියානු තානාපතිතුමන් නව නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
 

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චෑන්, වොන් -සෑම් මහතා අද (සැප්තැම්බර් 04) නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා හමු විය.

04 Sep 2017