71 වන නාවික හමුදා දිනයට සමගාමීව නැගෙනහිර නාවික විධානයේ ලේ දන්දීමේ වැඩසටහනක්

71 වන නාවික හමුදා දිනයට සමගාමීව නැගෙනහිර නාවික විධානයේ නාවික පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් ගේ මගපෙන්වීම යටතේ, ත්‍රිකුණාමලය මහ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පවතින රුධිර සංචිත නිසි ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් මෙම ලේ දන්දීමේ වැඩසටහන 2021 දෙසැම්බර් මස 17 වන දින සංවිධානය කෙරිණි. මෙම උතුම් සත්කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නැගෙනහිර නාවික විධානයේ නෞකා සහ ආයතනයන්ට අයත් නාවික පුද්ගලයින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය ලබා දෙන ලදී.

තවද, නැගෙනහිර නාවික විධානයේ නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසකගේ දායකත්වයෙන් සිදු කෙරුණු මෙම වැඩසටහන, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබිණි.