ඉතාලි ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි

ඉතාලි ආරක්‍ෂක උපදේශක කපිතාන් ෆැබ්රිසිඕ ෆල්සි (Captain (Navy) Fabrizio Falzi ) අද (2021 දෙසැම්බර් 07) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

කපිතාන් ෆැබ්රිසිඕ ෆල්සි, ඉන්දියාවේ නවදිල්ලීයේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයට අනුයුක්තව ‍ශ්‍රී ලංකාවේ ඉතාලි ආරක්‍ෂක උපදේශක ලෙසද කටයුතු කරනු ලබන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ ඉතාලි ආරක්‍ෂක උපදේශක අතර, ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්විණි.

තවද මෙම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.