71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට සෙත් පතා සර්ව රාත්රික පිරිත් සජ්ඣායනාවක් හා දානමය පිංකමක් වැලිසර නාවික සංකීර්ණයේදී
2021 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා වාර්ෂිකව සිදුකරනු ලබන සර්වරාත්රික පිරිත් සජ්ඣායනාව හා දානමය පිංකම, 2021 දෙසැම්බර් 03 සහ අද (2021 දෙසැම්බර් 04) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ ප්රධානත්වයෙන් සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සහභාගීත්වයෙන් වැලිසර නාවික සංකීර්ණයේදී සිදුකෙරිණි.
04 Dec 2021
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් රෝහණ ලේල්වල නාවික හමුදා සේවයෙන් විශ්රාම ලබයි
රියර් අද්මිරාල් රෝහණ ලේල්වල සිය වසර 34 කට අධික නාවික සේවය නිමා කරමින් අද (2021 දෙසැම්බර් 04) දින නාවික හමුදා සේවයෙන් විශ්රාම යන ලදී.
04 Dec 2021