ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සියුබර්ට් (Holger Seubert) මහතා අද (2021 නොවැම්බර් 23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

මෙම නිළ හමුවේදී ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සියුබර්ට් මහතා සහ නාවික හමුදාධිපති අතර ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සුහද පිළිසඳරක් පැවැත්වුණු අතර, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජර්මානු වාණිජ මණ්ඩලයේ ධූත ප්‍රධානී ඇන්ඩ්‍රියස් හර්ගන්රොක්තර් (Andreas Hergenrocther) මහතාද සහභාගී වී සිටින ලදී.

මෙම හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති විසින් ජර්මානු තානාපති වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීමක්ද සිදු කෙරිණි.