වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් කොමදෝරු කමල් බෝඹුගලගේ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

නාවික හමුදා වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් වශයෙන් කටයුතු කළ කොමදෝරු කමල් බෝඹුගලගේ සිය වසර 33 කට අධික සේවා කාලය නිමා කරමින් 2021 නොවැම්බර් 03 වන දින නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

1988 වර්ෂයේදී 18 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදා සේවයට එක්ව ඇති කොමදෝරු කමල් බෝඹුගලගේ, සිය වසර 33 කට අධික සේවා කාලය තුළ කොමදෝරු විදුලි දෙපාර්තමේන්තුව නැගෙනහිර හා බටහිර, කොමදෝරු අධිකාරි තඨාකාංගනය (නැගෙනහිර), අධ්‍යක්‍ෂ නාවික විදුලි හා විද්‍යුත් ඉංජිනේරු (ව්‍යාපෘති, උපයෝගීතා සහ පරිපාලන) සහ වැඩ බලන අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

ඒ අනුව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් කොමදෝරු කමල් බෝඹුගලගේ වෙත සුභපැතීමෙන් අනතුරුව, සම්මාන මුරයක් මගින් ඔහු වෙත ආචාරය පුද කෙරිණි. අනතුරුව, සහෘද නිලධාරීන්‍ විසින් සමුදීමෙන් පසු නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන ලදී.