ඉන්දියානු නාවික හමුදාවේ පළමුවන පුහුණු බලඝණය ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා කොළඹ සහ ත්‍රිකුණාමලය වරායන් වෙත සේන්දු වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සඳහා ඉන්දියානු නාවික හමුදාවේ පළමු වන පුහුණු බලඝණයට අයත් (01st Training Squadron) SHARDUL සහ MAGAR යන පුහුණු නෞකා කොළඹ වරායටත් SUJATA, SUDARSHINI, TARANGINI සහ VIKRAM යන පුහුණු නෞකා ත්‍රිකුණාමලය වරායටත් අද (2021 ඔක්තෝබර් 24) සේන්දු වූ අතර, එම නෞකාවන් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. එමෙන්ම, මීට සමගාමීව ඉන්දීය නාවික හමුදාවේ දකුණු නාවික විධානයට අණදෙන ප්‍රධාන ධජ නිලධාරී වයිස් අද්මිරාල් අනිල් කුමාර් චවුලා ද (Vice Admiral Anil Kumar Chawla, Flag Officer Commander - in – Chief Southern Naval Command Indian Navy) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙන ලදී.

24 Oct 2021