යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදා නියෝග එළිදැක්වේ

ශ්‍රි ලංකා නාවික හමුදාව තුළ මෙතෙක් පරිශීලනය කරන ලද නාවික හමුදා නියෝග සංශෝධනය කිරීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වයිස් අද්මීරාල් නිශාන්ත උළුගේතැන්න විසින් බලාත්මක කොට එළිදැක්වීම 2021 ඔක්තෝබර් මස 14 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

කාලීනව නාවික හමුදාවේ මෙහෙයුම් පරාසය පුළුල් වීමත් සමඟ එම කාර්යයන් කාර්යක්‍ෂමව සහ ඵලදායී ලෙස සිදුකිරීම උදෙසා නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නාවික මෙහෙයුම්, සැපයුම් හා සේවා, තාක්‍ෂණික, වෛද්‍ය, නීති, මුල්‍ය සහ පොදු කාර්යයන් ට අදාල නියෝග එකවර සංශෝධනය කර යාවත්කාලීන කිරීමෙන් අනතුරුව, මෙලෙස එළිදැක්වීම 2021 ඔක්තෝබර් මස 14 වන දින නාවික හමුදා මුලස්ථානයේ දි සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා නාවික ලේකම් සහ නාවික හමුදාධිපතිගේ ලේකම් කොමදෝරු (සැ) විජිත මාරපන, නාවික හමුදාවේ මෙහෙයුම් සහ පරිපාලන අංශ නියෝජනය කරමින් නිලධාරින් සහ නාවික ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සීමිත පිරිසක් සහභාගී වී සිටියහ.