නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානයක් පුත්තලම, කරුවලගස්වැවදී ජනතා අයිතියට

නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක් ලෙස නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍ය දායකත්වයෙන්, පුත්තලම, කරුවලගස්වැව, රජවිගම සිරි සම්බුද්ධ ගලපිටගල විහාරස්ථාන පරිශ්‍රයේ ඉදිකළ ප්‍රතිආශ්‍රැති ජලපිරිපහදු මධ්‍යස්ථානය අද (2021 ඔක්තෝබර් 09) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්‍රදානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

09 Oct 2021