බූස්ස අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත උපකරණ ප්‍රදානයක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන බූස්ස කොවිඩ්-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ ප්‍රයෝජනය උදෙසා ‘උණු ‍ජල වාෂ්පීකරණ’ උපකරණ (Mega portable steamer) පනහක් (50) දකුණු පලාත් කතෝලික සභාවේ රදගුරු, ගරු රේමන් වික්‍රමසිංහ හිමිපාණන් විසින් දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රසන්න හේවගේ වෙත ප්‍රදානය කීරීම ‍2021 සැප්තැම්බර් මස 17 වන දින ගාල්ල කලුවැල්ල දේවස්ථානයේ දී සිදු කෙරිණි.

කොවිඩ් 19 ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහය වෙමින් බූස්ස ශ්‍රීලංනානෞ නිපුණ ආයතනය තුළ නාවික හමුදාව විසින් ස්ථාපිත කළ කොවිඩ්-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා විවිධ ආයතන, සංවිධාන සහ පුද්ගලයන් විසින් ද්‍රව්‍යමය හා මූල්‍යමය ආධාර පිරිනමනු ලබයි. ඒ අනුව, ඇ‍මෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි ප්‍රාන්තයේ වෙසෙන දකුණු පලාත් කතෝලික සභාවේ රදගුරු ගරු රේමන් වික්‍රමසිංහ හිමිපාණන්ගේ හිතවතෙකු විසින් බූස්ස කොවිඩ්-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ප්‍රදානය කිරීම සඳහා ලබා දුන් මෙම ‘උණු ‍ජල වාෂ්පීකරණ’ උපකරණ පනහක ප්‍රමාණය දකුණු නාවික විධානයේ ආඥාපති වෙත සංකේතාත්මකව ප්‍රදානය කිරීම ගාල්ල කලුවැල්ල දේවස්ථානයේ දී 2021 සැප්තැම්බර් 17 වන දින සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ විධාන වෛද්‍ය නිලධාරී ඇතුළු සීමිත පිරිසක් සහභාගී වි සිටියහ.