ලෝක හමුදා මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක සේවා මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම නියෝජනය කරමින් නාවික හමුදා තරඟකරුවන් රුසියාව බලා පිටත් වේ

මෙම වර්ෂයේ පැවැත්වෙන 58 වන ලෝක හමුදා මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලිය සඳහා සහභාගි වීමට නියමිත නාවික හමුදා ක්‍රීඩකයින්ගෙන් සමන්විත ශ්‍රි ලංකා ආරක්ෂක සේවා මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම අද (2021 සැප්තැම්බර් 16) රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යන ලදී.

ඒ අනුව, 2021 සැප්තැම්බර් මස 26 වන දින දක්වා රුසියාවේ මොස්කව් නුවර පැවැත්වීමට නියමිත 58 වන ලෝක හමුදා මුෂ්ඨි ප්‍රහාරක ශූරතාවලිය සඳහා ශ්‍රි ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් සහභාගිවන තරඟකරුවන් සහ නිල කාර්ය මණ්ඩලය අද දින දිවයිනෙන් මෙලෙස පිටත්ව යන ලදී.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් කපිතාන් (නාවික පාබල) එම්ඒඑල් පෙරේරා, කණ්ඩායම් නායකයා වශයෙන් සහ ප්‍රධාන සුළු නිලධාරි (ශාරීරික අභ්‍යාසක) එන්එස් දසනායක ප්‍රධාන පුහුණුකරු වශයෙන් සහභාගි වන අතර, නායක නැවි ඩිඑල්පිආර් කුමාර සහ බල ශාරීරික අභ්‍යාසක ඩබ්එම්ජිකේජිඅයි ආරියරත්න තරඟකරුවන් වශයෙන් සහභාගි වීමට නියමිතය.