නව නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් උපුල් ද සිල්වා නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වූ රියර් අද්මිරාල් උපුල් ද සිල්වා අද (2021 සැප්තැම්බර් 08) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමු විය.

රියර් අද්මිරාල් උපුල් ද සිල්වා බටහිර නාවික විධානයේ ආඥාපති සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති යන ධූරයන්හි කටයුතු කරන අතරතුර, 2021 සැප්තැම්බර් මස 07 දින සිට නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කෙරුණු අතර, ඊට අදාල පත්වීම් ලිපිය නාවික හමුදාධිපති විසින් රියර් අද්මිරාල් උපුල් ද සිල්වා වෙත පිරිනැමීම අද (2021 සැප්තැම්බර් 08) දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

ඒ අනුව, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයට අමතරව බටහිර නාවික විධානයේ ආඥාපති සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති වශයෙන් ද රාජකාරීන් සිදු කරනු ඇත.