‘සයුරුසර’ සඟරාවේ 43 වන කලාපය එළිදකී

නාවික හමුදා මාධ්‍ය ඒකකය මඟින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘සයුරුසර’ සඟරාවේ 43 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක, ලුතිණන් කොමාන්ඩර් (ස්වේ) එස්ආර් සුදුසිංහ විසින් අද (2021 අගෝස්තු 17) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පිළිගන්වන ලදි.

නාවික හමුදා පුද්ගලයින්ගේ කියවීමේ හා ලිවීමේ රුචිය වර්ධනය කිරීම, මෙන්ම ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් ඔප් නැංවීම සහ නාවික හමුදාවේ සාමාජ මෙහෙවර ව්‍යාපෘතීන් ඇතුළු විශේෂිත අවස්ථාවන් පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීම අරමුණු කර ගනිමින් නාවික හමුදා මාධ්‍ය ඒකකය විසින් සයුරුසර සඟරාව අර්ධ වාර්ශිකව ප්‍රකාශයට පත් කරනු ලබයි.

තවද, මෙවර කලාපය, මානුෂිය මෙහෙයුම විජයග්‍රහණය සඳහා නාවික හමුදාවේ දායකත්වය, අධ්‍යාපනයේ හෙට දවස වෙනුවෙන් නාවික හමුදාවේ සාමාජ මෙහෙවර ඇතුළු හරවත් ලිපි එකතුවක් සහ නාවික පුද්ගලගයින්ගේ විචිත්‍රවත් ස්වතන්ත්‍ර නිර්මාණ එකතුවකින් සමන්විත වේ.