කොවිඩ් 19 එන්නත්කරණය සඳහා අඛණ්ඩව නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව, අද දිනයේත් (2021 අගෝස්තු 13) කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබා දීම සිදු කරන ලදී.

ඒ අනුව පසුගිය දින 05 තුළදී වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් 24150 ක් සඳහා “සයිනොෆාම්” (Sinopharm) එන්නතෙහි පළමු සහ දෙවන මාත්‍රාවන් ලබා දීම නාවික හමුදා එන්නත්කරණ වැඩසටහන මඟින් සිදු කරන ලදී .

තවද, පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකෙරෙන මෙම එන්නත්කරණ වැඩසටහන 2021 අගෝස්තු 14 සහ 15 යන දිනයන්හිදී ද කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබයි.