කොවිඩ් 19 එන්නත්කරණය සඳහා නාවික හමුදා සහය

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාව මඟින් සිදු කෙරෙන මහජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 අගෝස්තු 08) දින සිට කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදීත්, 2021 අගෝස්තු 09 වන දින සිට වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේ සහ උස්වැටකෙයියාව ශාන්ත මේරි විද්‍යාලය යන ස්ථානයන්හි දීත් නාවික හමුදා වෛද්‍ය කාර්යමණ්ඩලයක් මඟින් “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබා දීම සිදු කරනු ලබයි.

ඒ අනුව, රජයේ එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම සඳහා සහය වෙමින් අද දින (2021 අගෝස්තු 08) සිට නාවික හමුදා මූලස්ථාන රෝහල මගින් කොළඹ චෛත්‍ය පාරේ ප්‍රදීපාගාර පරිශ්‍රයේදී මෙන්ම 2021 අගෝස්තු 09 වන දින සිට වැලිසර නාවික මහරෝහල මඟින් රාගම, ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලය සහ උස්වැටකෙයියාව ශාන්ත මේරි විද්‍යාලය යන ස්ථානයන් හිදී වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබා දීම සිදු කෙරේ.

තවද, කොව්ඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම එන්නත්කරණ වැඩසටහන පැවැත්වෙන අතර, මහජනතාව එන්නත්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙල සඳහා ඉදිරියටත් අවශ්‍ය සහය ලබාදීමට නාවික හමුදාව සූදානමින් සිටී.