ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් කිමිදුම් වාර්තාවක්

දියයට කිමිදී එහි අසිරිය විඳීම අපූරු විනෝදජනක අත්දැකීමක් ගෙන දෙන්නක් වුවත්, කිමිදීම අවදානම් සහිත කටයුත්තකි. මෙම අවදානමට අභියෝග කරමින් ත්‍රිකුණාමලය නාවික තඨාකාංගනයේ අලියා දුපත අසල ගැඹුරු මුහුදේ මීටර් 100ක් කිමිදී වාර්තාවක් පිහිටුවීමට 2021 ජුලි 17 වන දින විධාන කිමිදුම් නිලධාරි(නැගෙනහිර නාවික විධානය) කොමාණ්ඩර් නිශාන්ත බාලසුරිය සහ ඔහුගේ සහයක කිමිදුම් කරුලෙස කටයුතු කල බල නැවි (කිමිදුම්) ඩබ්ඩබ්එන්පි සඳරුවන් යන නාවික පුද්ගලයින් කටයුතු කිරීම, නාවික ඉතිහාසයේ එවන් ගැඹුරකට කිමිදුනු ප්‍රථම පුද්ගලයින් ලෙස ඉතිහාස ගත වීමෙන් නාවික හමුදාවට විශාල කිර්තියක් ගෙන දෙන්නට සමත් විය.

19 Jul 2021

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් එප්පාවල සිරි සම්බුද්ධ වීරසිංහාරාම විහාරස්ථානයේ ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ තවත් සමාජ සත්කාරයක් ලෙස, උතුරු මැද පළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද පන්විල ගුණරතන නායක හිමිපාණන් වහන්සේගේ ඉල්ලීම පරිදි, පණ්ඩුගලම සිරි සම්බුද්ධ විහාරයට අනුබද්ධිත රොටවැව, එප්පාවල සිරි සම්බුද්ධ වීරසිංහාරාම විහාරස්ථාන පරිශ්‍රයේ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ මුල්‍ය දායකත්වයෙන් ස්ථාපිත කල ජල පිරිපහදු මධ්‍යස්ථානය, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණී චන්දිමා උළුගේතැන්න මැතිණියගේ සුරතින් 2021 ජූලි 17 දින විවෘත කිරීමට කටයුතු කෙරිණි.

19 Jul 2021