ඔලිම්පික් වරම් හිමිකරගත් නාවික හමුදා ක්‍රීඩිකාවට නාවික හමුදාධිපතිගෙන් උසස්වීමක්
කාන්තා මීටර් 10 වායු රයිෆල් 0.177 ඉසව්වෙන් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙන්ම රටට සුවිශාල කීර්තියක් ගෙනදුන් නාවික හමුදා සේවයෙහි නියුතු නායක කාන්තා සංඥා ටෙහානි එගොඩවෙල ක්‍රීඩිකාව දිරිගැන්වීම සඳහා ඇය සුළු නිලධාරී තරාතිරම දක්වා උසස් කර ඇයට රු.250,000.00ක මුදල් ත්‍යාගයක් පිරිනැමීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් අද (2021 ජූලි 16) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
16 Jul 2021
උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ 20 වන රැස්වීම සාර්ථකව අවසන්වේ
උතුරු ඉන්දීය සාගර ජල ශාස්ත්‍රීය කොමිසමේ විසි වන රැස්වීම (20) එම කොමිසමේ වත්මන් සභාපති ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවාවේ ප්‍රධානී රියර් අද්මිරාල් වයිඑන් ජයරත්නගේ ප්‍රධානත්වයෙන් 2021 ජූලි මස 13 වන දින සිට දින තුනක් (03) පුරා කොළඹ ජාතික සාගරික සම්පත් පර්යේෂණ නියෝජිතායතනයේ දී (NARA) මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වුනු අතර, අද දින (2021ජූලී 15) එම රැස්වීම සාර්ථකව අවසන් විය.
16 Jul 2021